වතාවක් වික්රමබාහුට කඩේ යන බව පෙන්වමින්, වතාවක් ෆොන්සේකා ගේ ගෝත්‍රවාදයක් ගැන කියවූ ටැබූ සබ්ජෙක්ට්ස් මෙවර අප පෙර කී පරිදි හොරෙන් හොරෙන් නොව එලි පිටම ෆොන්සේකාට කඩේ යන්නට පටන් ගෙන ඇත. (වාමවාදී නැඹුරුවක් ඇති බව මෙතරම් කල් පෙන්නාගෙන සිටි w3lanka ඊයේ පෙරේදා වන තෙක් මහ රජා ගේ හොරකම් ගැන කෑ ගසමින් සිට, දැන් ‘තරමක් දූෂනය’ ධනවාදයේ අනිවාර්ය අංගයක් බව කියන තැනකට මාරු වී ඇත්තේ ෆොන්සේකාගේ කිල්ලෝට වල හුනු එලියට ආ විටය.)
බොහෝ ඊනියා ලිබරල් වාදී හම සහිත යූ ඇන් පී කාරයන්, “මෝඩ මහින්ද ආවොත් යුද්දය ඒවි, රට විනාස වේවි” යනුවෙන් පවසා 2005 දී “උගත්, දර්ශනයක් ඇති” රනිල්ට චන්දය දෙන ලෙස ඉල්ලා සිටියහ. කොටි පිලිබඳව මහින්ද සහ ජාතික ව්‍යාපාරය සිටි ආස්ථානය හරි බව හෙලි දරව් වී, යුද්ධය ඉවර වීගෙනෙ යන විට මේ ඊනියා ලිබරල් වාදීන් හැංගී සිටියේ හිරු අබිමුව ගස් ගෙම්බන් මෙනි. රනිල් මාකට් කළ නොහැකි බව තමන්ම තේරුම් ගෙන වැලේ වැල් නැතිව සිටි එජාපයත්, දේශපාලන අවලංගුතාවය නැමැති වලෙන් ගොඩ ඒමක් නැතිව හිටි ජවිපෙත්, මහින්ද සිටින තුරු තමාට අනාගතයක් නැති බවත්, තම දේශපාලනයේ ඉදිරි ගමන සඳහා මොහොතේ අනිවාර්ය සාධකය මහින්දට කෙලවීම බවත් වටහා ගන්නේ මේ සන්දර්භය තුලය.
(මේ විවේචනය, අවංක හේතු උඩ 2005 දී රනිල් බලයට පත් කිරීමට පෙනී සිටියත්, පසුව තම මතවාදය වෙනස් කොටගත්තන් ට අදාල නොවේ. මා කතා කරන්නේ “මොන වියදමක් දරා හෝ එජාපය” යන කැපුවත් කොල මතවාදයේ යටින් සිටිමින් උඩින් බොරු ලිබරල් හමක් පොරවාගත්තන් ගැනයි)
වාසනාවකට, චරිතයෙන් ම බල ලෝභියෙක් වූ සරත් ෆොන්සේකා නිකැලැල් වීර නායකයකු ලෙස සරසා පිටියට එවීමට ජවිපෙටත්, එජාපයටත්, චන්ද්‍රිකා සම්බන්ධයෙන් මෙවැනිම මෙහෙයුමක් කර පුරුදු මංගල සමරවීරටත් කළ යුතු වූයේ ඉතා සුලු අමතර වැඩ කොටසකි.
වැලේ වැල් නතිව එජාපයට කඩේ යාමට හේතුවක් හොයා ගත නොහැකිව සිටි ඊනියා උගත්තු මේ සොයා ගැනීමෙන් පණ ගසා ආහ. යුද්ධය, සංවර්ධනය හෝ ආර්ථිකය සම්බන්ධයෙන් මහින්දගෙ වැරදි කීම වීදුරු ගෙවල සිට ගල් ගැසීමක් බව පෙනුනු නිසා, දූෂණය අධි නිශ්චය වන කතිකාවතක් දක්වා ගෙන එන ලදී. මහින්ද රටේ අනෙක් සියළු වැඩ කරන අතරම තමන්ටත් කොටසක් ගහ ගත්තේ යුද්ධයක් ද කරමින් බව අමතක කෙරුණු අතර, ඊනියා බුද්ධිමතුන් ද දැන් යුද්ධයේ අතිශයින් වැදගත් කොටස දේශපාලන තීන්දු බව නොසලකා හැර සිටිති.
දැන් ටැබූ ගේ ඊනියා “විග්‍රහය” කරුණු වශයෙන් සලකා බලමු:
සරත් ෆොන්සේකා නිදහස් ලංකා ඉතිහාසයේ වාර්ගික දෙමළ දේශපාලන ධාරාවේ සහාය මැතිවරණයකදී ඍජුව ලබන පළමු ජාතික මට්ටමේ නායකයායි. ඩී. ඇස්. සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ දක්වා කිසිම සිංහල නායකයකුට මෙතෙක් මැතිවරණයකදී වාර්ගික දෙමළුන්ගේ සහාය ලබා ගන්නට පුළුවන් වුනේ නැහැ
වාර්ගික දෙමළුන් ෆොන්සේකාට සහය දක්වන්නේ ෆොන්සේකාගේ අමුතු මැජික් එකකට දැපනේ වැටී නොවේ. කොහොමත් මහින්දට කෙලවීමේ උවමනාව දැනට එජාපයට එක්වී සිටින අති මහත් බහුතර සුළු ජාතිකයන් ගේ සරල උවමනාව වූ බැවිනි. මේ උවමනාවට ජාතික බලවේග වලට මහින්ද තුල ඇති නැඹුරුවත්, මහින්ද ගෙන් පලි ගැනීමට ශක්‍යතාව අති එකම නායකයා ෆොන්සේකා වීමත් අදාලය. මේ රට සිංහලයන්ට අයිති යයි කී ෆොන්සේකාට, වික්‍රමබාහු ද පැත්තකින් සිටියදී චන්දය දෙන්නේ, “මුන්ට කෙලවන්න පුලුවන් නම් අපිත් කෙලවා ගෙන හෝ එය කරමු” යන චේතනාවෙන් මිස ෆොන්සේකාට ඇති අමුතු ආදරයකට නොවේ, අඩුම ගනනේ 2005 දී රනිල් වික්‍රමසිංහට චන්දය දීමට දෙමළුන්ට මීට වඩා ඉතා හොඳ හේතු තිබිණ. අර තරම් චැම්බර්ලේන් කෙනෙකු වූ රනිල්ටත්, කොටින් ගේ උවමනාව ඉටු කිරීම සඳහා චන්දය චන්දය නොදී සිටීමට තරම් අන්ත වාර්ගික වූ දෙමළු දැන් සරත් ෆොන්සේකාට නිකන්ම දැපනේ වැටී ඇතැයි කිව හැක්කේ අන්ත මැටි මෝලෙකුට පමණි. 2005 දී මහින්ද කෙසේ වෙතත් රනිල් පවා අතහැර ප්රභාකරන් තෝරා ගත් දෙමල ජාතික සන්ධානය අද මහින්ද පමණක් නොව වික්‍රමබාහු පවා අත හැර සරත් තෝරාගෙන ඇත. පැහැදිලිවම මෙය අනෙකා ගේ විනාශය වෙනුවෙන් තමාගේ විනාශය වුවද පතන දේශපාලන කළු කොටි ප්රහාරයකි.
ෆොන්සේකාට චන්දය දෙන්නේ “ප්‍රායෝගිකව සලකා” නම්, “මහින්දට කෙලවිය හැකි එකා = දිනන එකා” තියරිය හැර තමා මතවාදීමය වශයෙන් කරන්නට සිදුවූ කැප කිරීම් (compromises) මොනවාදැයි දෙමළ ජාතික සන්ධානය පැහැදිලි කළ යුතුය.
අන්තවාදී නොවන සියළුම සිංහල, දෙමළ, මුස්ලිම් බලවේග තමා වටා ඒකරාශී කැර ගන්නට සරත් ෆොන්සේකාට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.
ප්‍රධාන පක්ෂ සමග සහයෝගී සංවාදයක හැමවිටම හිඳිමින්, තම ජනයාගේ ඉල්ලීම් යම් පමණකට දිනා ගනිමින්, ඊලාම් ප්‍රතිපත්තියේ අනතුරුදායක බව ඈත අතීතයේදීම දකිමින්, අන්තවාදී නොවන බව ඉතිහාස ගතව පෙන්වූ එකම දෙමළ ජාතික පක්ෂය වන කම්කරු කොන්ග්රසය මේ වන විටද මහින්ද සමගය. අනෙක් දෙමළ පක්ෂද මහින්දට සහයෝගය දෙන්නේ ඊලම පිලිබඳව මහින්දගේ ප්‍රතිපත්තියට ප්‍රතිපත්තිමය වශයෙන්ම අනුගත වීමෙන් පසුවය. කොටින් ට පුකෙන් යන්නට වදින බව ප්‍රතික්ශේප කළ හැකි අන්තිම මොහොත තෙක් කොටින් කළ සියලු දේ සාධාරණීකරණය කළ සම්බන්ධන් ලා ෆොන්සේකා සමගය. ටැබූ ගේ ඊනියා “අන්තවාදය” කන්න ඕනෑ විට කබරගොයා තලගොයා වීමකි.
එකිනෙකාට අන්තවාදීන් යයි කියා ගත් ජවිපෙ සහ දෙමළ සන්ධානය දැන් “ඉස්සර වගේ නරක නැති” බව හැරුනු කොට එකිනෙකා වෙනස් කරගත් මතවාද මොනවා දැයි නොඅසන්නේ ඇපල් කරත්තය පෙරලා ගැනීමට කාගේත් ඇති අකමැත්ත නිසාවෙන් මිස ඊනියා “අවබෝධතාවක්” නිසා නොවේ. තමා මේ එක් වී සිටින්නේ ප්‍රතිපත්තිමය එකඟතාවක් මත නොව හුදේක් මහින්දට එරෙහි දේශපාලන ඉරිසියාව මත බැව් ප්‍රසිද්දියේ කීමට ඇති නොහැකියාව නිසාවෙන් සහ ඉදිරි චන්දයක් ආ දිනක වැල යන අත බලා “අපේ එහෙම එකඟතාවක් තිබුනෙ නැහැ” යනුවෙන් හෝ “අපි එකතු වෙලා හිටියෙ” යනුවෙන් මැස්ස ගැසිය හැකි බැවිනි. “එකඟතා නැති” ඊනියා “කට වචනයේ” අශුද්ධ සන්ධානයේ අශුද්ධ රහස මහජනතාවට කොලේ වැහීම මිස වෙනෙකක් නොවේ.
ප්‍රතිපත්තිවලට නොගිණිය හැකි තරම් අඩු අගයක් දෙන වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනික රාමුව තුළ පවා සරත් ෆොන්සේකාට ලිබරතේරියානු (Libertarian) එක්සත් ජාතික පක්ෂය හා ස්ටැලින්වාදී නැඹුරුවක් සහිත රාජ්‍යවාදී (Pro-Stalinist-statist) ජනතා විමුක්ති පෙරමුණ ඒකඡත්‍ර කිරීමට හැකියාව ලැබී තිබීම වැදගත්. සමහරවිට මෙය කෙටි කාලීන හාදකමක් විය හැකියි. නමුත් මේ පක්ෂ දෙකම අතීතය අමතක කොට ප්‍රයෝගික හා මේරූ ආකාරයකින් ක්‍රියා කිරීමට පටන් ගැනීම සාධනීය ලක්ෂණයක් කිව හැකියි.
ජනතා විමුක්ති පෙරමුණ අනූ ගනන් වල අග භාගයේ වික්‍රමබාහු සමග නිදි වැදුනේ දෙමල චන්ද වල රසය තේරුම් ගෙන තිබුණු නිසාවෙනි. සිංහලයන් ගැන කතා කිරීම Taboo Subject එක් වී සිංහලයන් ගැන කතා කරන්නන් පමණක් ජාතිවාදීන් වී තිබූ අවදියක, සිහල උරුමය රැඩිකල් දේශපාලනයට ඒම තුල සිංහල ජාතික වාදය නව මානයකට ඒමත්, එයින් අවිනිශ්චිත සිංහල චන්ද සුළු ජාතික චන්ද වලට වඩා ජවිපෙට exploit කිරීමට පහසු බව පෙනීමත් තුල, ජවිපෙ රැඩිකල් ජාතිකවාදයට තල්ලු වූයේ සිහල උරුමය (සහ පසුව ජාතික හෙළ උරුමය) මර්දනකාරීව යටපත් කරන්නට ද තැත් කරමිනි. දැන් සිදු වී ඇත්තේ යුද්ධයේ ගෞරවය ඩැහැ ගැනීම පරදින සටනක් වීමට ඉඩ ඇති විටෙක, සිංහල පොලිටියේ තමන්ට ඇති නියම චන්ද පදනම පෙනී ඇති විටක, මොන වියදමක් දරා හෝ මහින්දට කෙලවීම සඳහා ෆොන්සේකා දිනවීම ප්‍රධාන ව්‍යාපෘතිය වී ඇති ජවිපෙ, කබරගොයි තලගොයි න්‍යාය භාවිත කරමින් එජාපය, සහ අන්ත ජාතිකවාදී මුස්ලිම් කොංග්රසයත් දෙමළ ජාතික සංධානයත් සමඟ එක් වීම මිස, ඊනියා moderation එකක් නොවේ.
මෙය ප්‍රායෝගික සහ මේරූ කමක් නොව අන්තිම ලැජ්ජා නැති කුහක කමකි. ප්‍රතිපති වලට නොගිනිය හැකි අඩු කමක් දීම මෙතැන නීතිය මිස ටැබූට පෙනෙන අන්දමට ව්‍යතිරේඛය (exception) නොවේ. මෙවැනි සරල සත්‍යයක් තේරුම් නොයන්නේ ෆොන්සේකාට චන්දය දීමට කුමක් හෝ කියා සිත හදා ගත යුතු ඊනියා උගතුන්ට පමණි.
“හොර ගිවිසුමක් තිබුනේ නැති” බව රනිල් ජවිපෙ කාටදෝ කී බවත් “අපි හිතන් හිටියේ එහෙම එකක් තිබූ බව” පිලිතුර ලෙස ලැබුනු බවත් ඊයේ පෙරේදා පුවත් පතක දේශපාලන තීරුවක් වාර්තා කළේය. මෙබඳු ලෝක විහිළුත් ඕනෑනම් ටැබූගේ වර්ගයේ උගතෙකුට “ෂා … අන්න දැක්කද කතා කරල අනවබෝධයන් නැති කර ගත් හැටි” යනුවෙන් තකතීරු ස්වයං වින්දනයකට පත්වීමට යොදා ගත හැක.
(ඉතා වැදගත්) සරත් ෆොන්සේකා මේ සියළු වාර්ගික හා දේශපාලන කණ්ඩායම් වල සහයෝගය ලබා ගන්නේ කිසිම ලිඛිත ගිවිසුමක් හෝ කොන්දේසියක් නැතිවයි. එවැනි ගිවිසුම් තිබුණද, නීත්‍යානුකූලව ඒවායේ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති බව රාජපක්ෂ ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඇතිකර ගත් ගිවිසුම කිසිම හිරිකිතයක් නැතුව බිඳ දැමීමෙන් පෙන්නුම් කළා. මේ සියළු කණ්ඩායම් සරත් ෆොන්සේකා වටා ඒක රාශී වී ඉන්නේ ඉඩි අමීන් වැනි පාරාජිකා වූ දූෂිත ගෝත්‍රික ඒකාධිපතියකුට නතු වී බිඳ වැටෙන්නට නොදී දේශය රැක ගැනීමේ අරමුණින්.
මෙතැන ඇති ඊනියා වැදගත් කමක් නැත. ෆොන්සේකා එකමුතුවේ එකම පොදු උවමනාව වූයේ මහින්දට කෙලවීමයි. මෙය පොදු උවමනාවක් හැටියට අලෙවි කළ නොහැකි නිසා දූෂනය ගෙන ආ බව වෙනම කතාවකි. නමුත්, දූෂනය නැති කිරීමෙන් පමණක් රටක් ගෙන යා නොහැකි නිසා, හරි සංධානයකට නම් ප්‍රතිපත්තිමය එකඟතා අවශ්‍යය: විධායක නොවන ජනපති කෙසේ වෙතත් විධායක ජනපති වත් කැබිනට් මණ්ඩලය නොවන හෙයිනි. එජාපය, ජවිපෙ සහ කොටි හිතවාදී පක්ෂ වල පොදු “එකඟතාවකට” ආවොත් ජවිපෙ ඊනියා ජාති හිතෛශී කන්‍යාභාවයේ රෙද්ද ද ඇතුළුව, සියල්ලන්ගේම රෙදි එක් එක් පමණට ගැලවෙනු ඇත. “අපි අතරේ ලිඛිත ගිවිසුම් නැහැ’ යන “කට වචනයේ” විවෘත චෙක් පත දැන් හැම දෙනාම අතේ තියා ගෙන සිටින්නේ පාක්ෂිකයන් සහ පිට ලෝකය රැවටීමටත්, මහින්දට කෙලවීම හැර වෙනත් මොකුත් අනාගත බලාපොරොත්තු මේ මොහොතේ නැති බව ප්‍රශ්න කරන්නන්ගෙන් සැඟවීමත් සඳහා ය.
මහින්ද සියල්ල පොරොන්දු වීත් දෙමල ජාතික සන්ධානය ඔහුට සහයෝගය නොදුන් බවත්, කිසිම දෙයක් පොරොන්දු නොවී කතා කළ පමණින් දැපනේ වැටී ෆොන්සේකාට සහාය දීමට තීරණය කළ බවත් අනුර කුමාර හිරිකිතයක් නැතිව කියන්නේ, ටැබූ වැනි හොරට නිදාගෙන සිටින ඊනියා උගතුන් එවැනි වල් බූත වලින් වත් ඇහැරෙන්නේ නැති බව දන්නා බැවිනි. දෙමළ ජාතික සන්ධානයටත් ජවිපෙටත් ගිවිසුම් නැතුවම එකඟ විය හැකි තරම් සිරා ෆොන්සේකා දර්ශනය අපි කාටත් පෙනෙන්නට එලියට නොදමන්නේ ඇයි? මා කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය වශයෙන් එලියට දැමූ වචන ගොඩ නොවේ. එවැනි වචන නම් ඕනෑම ප්‍රතිපත්ති ප්රකාශනයක ඇත. අපට දැනගත යුතු, ජවිපෙත් දෙමළ සංධානයත් මෙතරම් කල් බෙදී සිටි හේතු වලට ෆොන්සේකාගෙන් ලැබුනු පොදු උත්තර කොහේද යන්නයි.
ඉඩි අමීන් කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ “ඌ මූ අරූ කලවැද්දා ඕකා අරකා මේකා” යුගය නම් සිහි වන දසුනක් ඊයේ රූපවාහිනී වල දක්නට ලැබුනි. සමහර විට “ධනාත්මක” ප්රවනතාවක් වෙන්නට ඇති, ප්‍රතිවාදීන් නොඉවසන සුළු බව. (එසේත් නැති නම්, “මෙය මහින්ද මෙන් බොරු සෝබන නැති අවංක අදහස් ප්‍රකාශ කිරීමක්” ලෙස වත් ලජ්ජා විරහිතව කැරකිය හැකිදැයි ඊනියා උගතුන් සොයා බලනු යෙහෙකි. චන්ද්‍රිකා දෙවන ජනපතිවරණය දිනීමෙන් පසු රූපවාහිනියේ කළ සක්කිලි සංවාදයද “නිදහස් නිර්භය අදහස් ප්‍රකාශ කිරීමක්” හැටියට දුටු වන්දිභට්ටයෝ සිටියා නොවැ.)
සරත් ෆොන්සේකා සිංහල ජනතාවට දුන් පොරොන්දු “ඕවා කරන්නට පුළුවන්ද, දහදාහ ගානේ දුන්නොත් භාණ්ඩාගාරයම බංකොළොත් වෙයි.” වැනි කාරණා මතුකරමින් විහිළුවට ලක් කරන රාජපාක්ෂිකයන්ම, සරත් ෆොන්සේකා දෙමළුන්ට නොදුන්, දුන්නායයි ඔවුන්ම තමන්ගේ වාසියට උපකල්පනය කරගෙන ඇති බලය බෙදීම පිළිබඳ ‘පොරොන්දු’ 100%ක් අකුරටම ඉටු කරතැයි පූර්ව නිගමනයකට බසිනවා. සිංහළුන්ට පොරොන්දු ඉටු නොකරන සරත් ෆොන්සේකා දෙමළුන්ට පොරොන්දු ඉටු කරන්නේ මොන කෙහෙල්මලකටද?
සිංහල චන්ද අහිමි වෙයි යන බිය නිසා දෝ අපේ උගතා මෙවර අමුතුම න්‍යායකට බැස ඇත. කැරට් අල පොරොන්දුවක් නම් ඇත්තටම ඉශ්ඨ කළ හැකිද යන විවේචනය මෙන්ම වැදගත් විවේචනයකි, නියම හෝ අනියම (implicit or explicit) “පොරොන්දුවක්” ප්‍රතිපත්තියක් ලෙස ඇත්තටම රටට හොඳ එකක් ද නැද්ද යන විවේචනය. නරක පොරොන්දුවක් නම් පොරොන්දු වීම ම විචේචනයට බඳුන් විය යුතුය. ජවිපෙ අලි කොටි ගිවිසුමක් ගැන 2005 දී කතා කළේද මේ සන්දර්භය උඩමය. දැන් මේ උගතා කියන්නේ ෆොන්සේකා දෙමළ ජනතාවට වූ “පොරොන්දු” ඉටු නොකරනු ඇති නිසා ජවිපෙට කබරයා තලගොයා වීම සාධාරන බව සහ සිංහලයන් කිසි දේකට බිය විය යුතු නැති බව ද? කබරගොයි මස් තලගොයි මස් කිරීමට යාමේදී ඇතිවන ප්‍රශ්න !!!
ටැබූ ලේඛකයා කැමති වුනත් නැතත් ෆොන්සේකා එවන් පොරොන්දුවක් එලිපිට නොදෙන්නේ ද චන්ද වලට ඇති කෑදර කමටත්, සම්පූර්නයෙන් වෙනත් හේතු උඩ ගොඩ නැගුනු අශුද්ධ සන්ධානයක ඇති පරස්පරයන් මතුපිටට ඒම තාවකාලිකව හෝ වලකා ගැනීමටත් ය. මේ ගැලවිජ්ජාව සාර්ථක වී අති බව එක් අතකින් පෙනෙන්නේ මෙවන් ඊනියා බුද්ධිමතුන් පවා පැහැදිලි ප්‍රතිපත්තියක් නැති වීම “ධනාත්මක” බව කීමට දමන විලි ලැජ්ජා නැති දඟර නැටුම් දුටු විටය. අනෙක් අතට පුදුමයට කරුණක් නැත්තේ, 2005 දී හිටපු “කැපුවත් කොල” කුහක එජාප/රනිල් වාදීන් මහින්දට මෙවර කෙලවීමට මොකක් හෝ කියා හිත හදා ගත යුතු බැව් පැහැදිලි හෙයිනි.

