අනූව දශකයේ මුල හරියේ දේශපාලනය ගැන මතක ඇති අයට අනිවාර්යයෙන් මතක ඇති චරිතයකි රෝහණ කුමාර.
රෝහණ කුමාර පත්තර කාරයෙකි. කැලෑ පත්තර කාරයෙකු බව කීම වඩා ගැලපෙනු ඇත. (මාතෘකාවට අදාල නැති වුවත්, සටන නැමැති මඩ පත්තරයේ කතෘ වශයෙන් කළ දේ චන්ද්‍රිකාට නොදිරවීමේ හේතුවට පසුව ඔහු ජීවිතයෙන් වන්දි ගෙව්වේය.) ඔහු, ප්‍රේමදාස සමයේ අවරසිකයන් අතර ජනප්‍රිය වූ ත්‍රීශූලේ නම් පත්තරයක් නමින් වූ පඩංගුවේ කතුකම දැරීය.
ප්‍රේමදාස සමය, ලංකා ඉතිහාසයේ එතෙක් නොවූ විරූ අන්දමේ මර්දනකාරී යන්ත්‍රයකින් නිරායුධ දේශපාලන විරුද්ධවාදීන්ට පහර දුන්නකි. ඒ තත්ත්වය තුල, ජීවිතයට ආසා ඇති බහුතරයක් පත්තර කාරයන් තමා ලියන කියන දේ ගැන පරෙස්සම් වූහ. ඒ, අති විශාල පිරිසක් තුල ප්‍රේමදාස වෛරය පැසවමින් තිබියදීය. ගොන් කමට තමා දත් උපරිම දේශපාලනය එය වූ නිසාවෙන් හෝ කපටි කමට ප්‍රේමදාස විරෝධයේ වෙලඳ වටිනා කම හඳුනා ගත් නිසාවෙන්, රෝහණ කුමාර ත්රිශූලේ “පත්තරය” පටන් ගත්තේය. පත්තරයක් වශයෙන් එහි ඇති ප්රවෘත්තිමය හෝ දේශපාලනමය වැදගත් කමක් නොවීය. එය එහෙම පිටින්ම පාහේ වෙන් වූයේ ප්‍රේමදාසට ඇට්ටි හැලෙන්නට හොඳ භාෂාවෙන් බැන වැදීමටයි. ලේඛකයාට මතක ඇති උදාහරණයක් ගන්නේ නම්, මුල පිටුවේ ප්‍රේමදාසගේ සහ බල්ලෙකු ගේ රූප දෙකක් එක කෙලින් ඇත. පින්තූර යටින් පොල් ගෙඩි අකුරින් “ප්‍රේමදාස” “බල්ලා” යන වචන ලියා ඇත්තේ එක වාක්‍යයක් ලෙස කියවෙන ලෙසයි.
මෙබඳු ගොන් පාට් වලින් චූන් වන තකතීරුවන් ගේ අඩුවක් ලංකාවේ නොමැති බැවින්, පත්තරය උනු කවුම් මෙන් විකිණුනි. මෙබඳු “විවේචනය”කින් තමාට වන හානියන් නැති බව දැන ගැනීමට තරම් කයිරාටිකයකු වූ ප්‍රේමදාස, කතු වරයාට අත වත් තැබූවේ නැත. ඉහත කී තකතීරුවන් නම් “ෂහ් නියමෙට දීල තියනව! මේ යකා විතරයි බය නැතුව ලියන්නෙ!!” කියමින් පත්තරය කියවූහ.
මේ සිද්දිය ලේඛකයාට මතක් වූයේ, මර්වින් සිල්වා සම්බන්ධයෙන් බ්ලොග් ඔස්තාද් ඊනියා “උගතෙකු” මෑතකදී සිය බ්ලොග් අඩවියේ ලියූ ලිපියක් දැකීමෙනි. තමා බලා සිටියාක් මෙන් මර්වින් සිල්වා ස්වකීය දියනිය සමග නිදි වදින බවද ඇතුළු තමාගේ රසඥතාවයට සහ පරිකල්පනයට සරිලන කුනු හරුප ඇතුලත් මඩ වගුරක් වන එම ලිපිය ලීමට ආසන්න හේතුවක් බැලූ බැල්මට නම් නැත. ඇතැම් විට බ්ලොග් අඩවියේ පිවිසුම් වල හුරස් පරස් වීමක් පෙනෙන්නට ඇත. ඊටත් වඩා සිනහවට කාරනය නම්, උගතාගේ විචක්ෂණ භාවයට නිතර හුරේ දමන ප්රබුද්ධ පාඨක ගොන්නටද ලිපිය කියවූ බව පෙනෙන්නට තිබෙතත් ලිපියේ කැත සම්බන්ධ විවේචනයක් නැති බව පෙනෙන්නට තිබීමය.
මේ සංසිද්ධිය බ්ලොග් අවකාශයට පමණක් විශේෂ වූවක් නොවේ: තමා රටේ පොදු ජනයාට වඩා ප්රබුද්ධ යයි සාමාන්‍යයෙන් සිතා සිටිනා රාවය පාඨකයන් අතර ඉතා ජනප්‍රිය තීරුවක් බව පෙනී යන්නේ විමලනාත් වීරරත්න විසින් රාවයට ලියන මෙබඳුම පල් හෑල්ලකි. මහින්ද ගෑනිට බය බවත්, එක එකා ගේ යට ඇඳුම් හෝ ශරීර අවයව ගැන කෙරෙන ග්‍රාම්‍ය විහිළු වලටත් අමතර දේශපාලනයක් එහිද නැත. කරුණු වශයෙන් නොව රූපක වශයෙන් ද ඒ ලිපි ද මේ උගතා ගේ ලිපි මෙන් ම හර සුන් ය. එහෙත් විරෝධතාව ‘පන මදි’ බව කියමින් වික්ටර් අයිවන් විවේචනය කරන පාඨකයන් ගෙන් කොටසක් හෝ පාඨක අදහස් කීමට ඇති තීරුවට අතින් වියදම් කරගෙන ලියන්නේ රාවය ගත් විට මුලින්ම පෙරලන්නේ විමලනාත් ගේ කොලම කියවීමට බවයි. මහින්ද ගෑනිට බය බව විහිලුවට කීමෙන් දේශපාලනිකව මහින්දට වන හානියක් නැත; මර්වින් සිල්වා දියනිය සමග නිදියන බව කීමෙන් චූන් විය හැක්කේ වෙනත් කිසිවක් ම කර කියා ගත නොහැකි අන්ත පරාජිත කැනහිලෙකුට පමණි. (හොඳම විහිළුව, මර්වින් ගේ ලිංගිකත්වය ගැන මෙහෙම හිතින් හදා ගත් මඩ ගසන්නේ මල්ලිලා ට නංගිලා වෙන්න කළ උදව් ගැන පුරසාරම් කියන ලිංකික ගැලවුම් කාරයන් ම වීම ය)
පෙර කී ලෙසද කපටි කම මෙවැනි ලිපි වලට හේතුවක් විය හැකි වුවත්, ලේඛකයා සිතන අන්දමට බැටළු රැලක් වැනි පාඨක පිරිසක ගේ ගැලරි චියර් එක ලබා ගැනීම මෙපමන පහසු වී තිබීම මේ තක්කඩින් ගේ කම්මැලි කමට තවත් එක් හේතුවකි. මෙය දේශපාලනයට පමණක් වෙසෙස් වූවක් ද නොවේ. වෙලඳ දැන්වීමක ට වත් සුදුසු නැති හාල් කෑලි නළු නිලියන් වන්නේද, බර වචන දෙක තුනක් කට ගා ගත් හොරු ප්රබුද්ධ නිවේදයකන් වන්නේ ද මේ තර්කණය අනුවම ය. අනෙක් අතට, අප කතා කරන උගතා සමහර විට ඇත්තටම විස්වාස කරනු ඇත්තේ තමා සීරියස් දෙයක් කරමින් සිටින බවයි: සමහර විට රෝහණ කුමාර ද සිතා සිටින්නට ඇත්තේ ප්‍රේමදාසට “ගහන්නට” බය නැත්තේ තමා පමණක් බව ය. වරක් සුමනා ගෝමස්ද පුවත්පත් සාකච්ඡාවකදි කියා සිටියේ ලංකාවේ අනෙක් නිළියන් ඇය මෙන් ‘ඇඟ පෙන්වන්න’ හය ඔවුනට තමුන්ට මෙන් ලස්සන ඇඟක් නැති නිසා බවයි!!! මෙය සුමනා කීවේ විහිළුවට ද, එහෙමත් නැත්නම් සදය උපහාසයකින් දැයි ලේඛකයා දන්නේ නැත. කෙසේ වුවත් තමාගේ ජොල් ඇඟ පෙන්වා අර තරම් සෙනගක් අද්දවා ගැනීමෙන් ම පමණක් වුවත් සුමනා ගෝමස් ඔප්පු කළේ එක්කෝ ප්‍රෙක්ෂකයන් ගේ මට්ටම ඒ තරමට ම පිරිහී ඇති බවය; නැතිනම් මට්ටම් පසෙක ලා කාගෙන් හෝ ලැබේ නම් “වලත්ත ආතල් එකක්” ගැනීමට ප්‍රේක්ෂකයන් සූදානම් බවය. දෙවැනි තත්ත්වයේදී හුරේ එක වැඩි වන තරමට තමා ගේ “ජනප්‍රිය භාවය” ගැන සුමනා නම් උදම් වනු ඇත්තේ ප්‍රේක්ෂකයා ගේ ආතල් එකෙහි ඇත්ත මූලය තමා වත් වටහා ගෙන නොවේ.
අනෙක් අතට මේ තක්කඩි සියළුම දෙනා තමා විකුනන්නේ කුමක්ද යන්න පිලිබඳව හොඳ අවබෝධයකින් සිටිනවා විය හැක: ගණිකාවෝ තමා විකුනන්නේ කුමක් දැයි දනිති.
“ඔට්ටු” මඩ සහ “ඔට්ටු නැති” මඩ
ලේඛකයාට නම් මෙබඳු උගතුන් ගැන පුදුමයක් නැත්තේ, බොහොමයක් උගතුන් ගේ හැසිරීම එන්නේ තම තමන්ගේ හීන මානය උඩ වඳින පුදන සමාජයේ වට්ටෝරු තුලින් වීම නිසා ය. මේ ඊනියා උගතාගේ වට්ටෝරුවට මර්වින් සිල්වා සහ විමල් වීරවංස වැටෙන්නේ එක පන්තියකට ය; ලසන්ත වික්‍රමතුංග වැටෙන්නේ තවත් පන්තියකට ය. ඒ නිසා එකම අන්දමේ වැරදි වලට වුවත්, මර්වින් සිල්වාට හෝ වීරවංසට ගැසීමට අහක ඉන්න අම්මලා/බිරින්දෑ වරුන්/දූ වරු යොදා ගැනීමත්, ඒවාට “ජොලි” බව හෝ “ක්‍රියේටිව්” බව කියා හුරේ දැමීමත් “ඔට්ටු ය”. ඉංගිරිසියෙන් කියන්නේ නම් මර්වින් ලා ගේ මවු වරු, දූ වරු, බිරින්දෑ වරු fair game ය.
සමහර විටෙක, මර්වින් කරන දේ වල හැටියට මෙබඳු මඩ ප්‍රහාර සාධාරණ බව කෙනෙක් කිව හැක. හැබැයි, ඇමරිකාවේ වැරදි කල පලියට ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ සුළු අඩු පාඩුවක් වත් නොවිය හැකි බව කියන්නේත් මේ උගතුන් ම ය. ඒ අතින් මේ ප්රබුද්ධයන්ට මර්වින් සිල්වා මාර ම වස්තුව කි. ගමේ ගෑනු කන්න දෙයක් නැති දවසට වත්ත පහලට ගොස් හෙරළි ගෙඩියක් පොලු ගහ ගන්නාක් මෙන්, රාජපක්ෂට ගහන්නට එහෙමට දෙයන් නැති සතියක දී මර්වින් සිල්වා මුව හම අටුවේ සිට එලියට ගෙන තඩි බෑ හැක.
ඇතැම් විට මහින්ද මහ රජ්ජුරුවන් මර්වින් සිල්වා ගේ ගොන් පාට් විලි ලැජ්ජාවක් නැතිව ඉවසා වදාරනවා ඇත්තේ ස්වභාවයෙන්ම ප්‍රේමදාස වැනිම අන්ඩපාලයකු වූ රජ්ජුරුවන් ද මර්වින් වැනි සරල ඉලක්ක වලට පහර දීමේ මෝඩ චූන් එකෙන් තමාට ඇත්තටම එල්ල විය හැකි වඩා හරවත් විරෝධයක් යටපත් කල හැකි බව සිතන නිසා විය හැක. පත්තර වලට කතා කිරීමට දෙයක් දීමට මර්වින් බලා ගන්නා අතර එහෙම දෙයක් නොදෙන විටද අහු මුල්ලකින් හෝ මර්වින් මුව හම එලියට ඇද ගැනීමට ද ප්රබුද්ධයෝ සූදානම් ය.


@ stormcrow,
අනේ මං ඒ අදාළ ලිපියෙ ‘තෑන්ක්ස්’ කියල දාපු කමෙන්ටුව ගැන නම් අහිතක් හිතන්න එපා. ඒ මනුස්සය දන්නෙ කුණුහරුප. ඔහුගෙ විශේෂත්වය ඒව රස කරල කියන එක (නැත්තං ඉතින් අර රාජසිංහ රජ්ජුරුවන්ගෙ බැරැන්ඩි කෝවිල බලන්න ගියහම එතනදිත් කොලු කාරයො මාට්ටු වෙනවයැ මේ අපි ඔහෙල වගේ පෘථග්ජනයින්ට). එහෙව් මනුස්සය පස්සෙ පස්සෙ කළේ තමුන් දන්න කුණුහරුප කියන එක නවත්තල නොදන්න දේශපාලනයක් ගැන කතා කරන්න ගිහිං හත්පොළේ ගාගත්ත එකනෙ (එක අතකට බැලුවහම මනුස්සය දේශපාලනේ කියලත් කියෙව්වෙ මට්ටමක කුණුහරුප තමයි).
ඉතිං පහුවෙලා හරි මනුස්සය මේ කරල තියෙන්නෙ නොදන්න ඉළව් කතා කිරිල්ල නවතල ආපහු තමුන් දන්න කුණුහරුපයක් කියගෙන ඉන්න එක. ඉතිං මං ‘තෑන්ක්ස්’ කියල කළේ එහෙම තමුන් දන්න කර්මාන්තෙ කරගෙන යන්න දිරි ගන්නපු එක.
අනික් අතට මර්වින් සිල්වගෙ දුවවත් සම්බන්ධකරන් කතා ගෙතීමෙන් මනුස්සය ඔතන පෙන්නල තියෙන්නෙ ඔය ලොකු දේශපාලන කතා වලට යටින් ඉන්න මනුස්සයගෙ තියෙන නිරුවත. ඉතිං හත්වළාමේ ඒවට ‘තෑන්ක්ස්’ නොකර කොහොමද.
හනේ ඔව්. ඔහොම ලිපි වලින් හරි තමන්ගෙ ඇත්ත තත්ත්වය පෙන්නල දෙන එක නම් දිරිමත් කරන එක හොඳයි. හැබැයි අර සුමනා ගෝමස් වගේ ඕවයිනුත් මෝඩ චූන් ගන්න බැරි කමකුත් නෑ තියන බුද්ධි ප්රභාවෙ හැටියට.
මර්වින් මේ උතුම් පින් බිමේ සිංහල බෞද්ධ චන්ද ලක්ශයකට ආසන්න ගනනකින් තේරී පත්වී පාර්ලිමේන්තුවට ගිය මැතිදෙකි. ඒ, උත්තම පුන්‍ය භූමියේ ලංකා පුතුන් දුවරුන් ගේ පැතුමයි. එතුමාගේ වැඩ ගැන චින්තන පර්ශදේ ප්‍රෙස් එකේ කොල නවන එවුන් නොදන්නවාට බොහෝ දෙනා දනිති. කොලඹ පාතලය හා එක්ව රටටම බ්‍රවුන් ශුගර් බෙදන මර්වින් මැතිඳු පාර්ලිමේන්තු යැවීම සිංහලයන්ගේ ලේ වල සැඟව ඇති ජාතික චින්තනය මනාව පෙන්නුම් කරන දුලබ අවස්තාවක් ය යන්න අපගේ වැටහීමය. මේ බොලොග් එක ලියන බක පන්ඩිතයාද එවැනි දේශප්‍රේමියෙක් බව පෙනේ. මර්වින්ගේ වැඩ කෑලි, මයිල් කෙලින් වන ත්‍රාසජනක ජවනිකා දිහා බලන් ඉන්න බරි එන් ජී ඕ වලින් පඩි ලබන හැත්ත නම් මර්වින් ගේ අම්මා මූ නැතුව බනිති. එහෙත් ඒ ඉතාම සුලුතර බටහිර ගැති ඊනියා ප්‍රබුද්ධයන් අතලොස්සකි.
පොඩි අප්සෙට් එකක්ට ඇත්තේ මර්වියාගේ ලෙවල් එකට ලසන්ත දමාගැනීමය. අප දන්නා ලසන්ත ඌ ඇම් පී එකට කඩේ ගිය බව සැබෑය, එහෙත් ඔහු, පාතලයත් සමග කුඩු විකුනා, සිරසේ කැමරා කුඩු කරකර, විරූපවාහිනියේ යකා නටා, හිතුමතේ බාර් වහන්නට අන දුන් බවක් අපි නොදනිමු.
මහින්ද මර්වියාගේ ගොන්පාට් විලිලැජ්ජවක් න්තුව ඉවසන්නේ , ඒ ගොන් පාට් කාරයා ජහමන චන්දයෙන් පත්කල සිංහල බෞද්ද චින්තනය නිසා බවයි අපේ වැටහීම. අවාසනාවකට මර්වියාට චන්දය දුන් සිංහලයෝ නලින් සිල්වාට කලුතරින් යාන්තම් චන්ද 3000ක් දී පරාජය කලේත් ජාතික චින්තනය නිසා විය යුතුයි.
මෙච්චර මාර දේවල් පෙනී ඇති මකබාස් ට මේ ලිපිය මර්වින්ට බැනීමකට එරෙහිව නොවන බව තේරී නැත. මෙන්න මකබාස් ට හිතන්න යමක්: මර්වින් ට බැන පල වූ පලමු බ්ලොග් ලිපිය ටැබූ ලියූ පඩංගුව නොවේ. ටැබූ ම මීට පෙර මර්වින් පිලිබඳව ලියා ඇත. අප ඒවා ප්‍රශ්නයක් කර නොගත්තෙමු.
ඒ නිසා චින්තන පර්ෂදයේ ප්‍රෙස් කොල නවන උන් හෝ සිල්වා ගැන ඇති ප්‍රශ්න ඒ අදාල තැන් වල බේරා ගන්න.
@ මකබාස්,
තෑන්ක්ස්.
මකාබාස්,
මට වැටහෙන හැටියට මේ ලිපියෙ කොහෙවත් මර්වින් සිල්වා ව සුද්ද කරන්න උත්සාහ කරල නැහැ.
මර්වින් සිල්වා ට බැනලා, මර්වින් එයාගේ දුවත් එක්ක රති සුවය විඳින හැටි විස්තර කරලා ලියන ලිපි හුදෙක්ම “ගැලරි විසිල් හා අප්පුඩි” වෙනුවෙන් ලියවෙන ඒවා මිසක්, ඒවායෙ හරවත් දේශපාලන විග්‍රහයක් නැහැ. රෝහණ කුමාරත් ලිව්වෙ ඔහොම හරයක් නැති දේවල්.
රොහණ කුමාර එහෙම හරයක් නැති බොලඳ බැන අඬගැසීම් ලිව්වට, උගතෙක් වත්, හරවත් ලෙඛකයෙක් වත් කියල එයා ගැනම හීන මවා ගෙන හිටියෙ නැහැ. එහෙම හිතං ඉන්න බ්ලොග් ඔස්තාද් කෙනෙක් ට ටොක්කක් අනින එක තමයි මට හිතෙන හැටියට මේ ලේඛකයා කරන්නෙ.
Taboo namathi blog osthad atham comment wala ta baya ya. ewaa delete karai… Honda welawata comment kala pasu mama screenshots gathimi. Menna Tabuwaage weda!
http://img4.imageshack.us/img4/4697/liveu.jpg