ආණ්ඩුව, සරත් ෆොන්සේකා මහතා ගෙදරින් දොට්ට දැමීමට සැරසෙන සෙයකි.
දැනටමත් ෆොන්සේකා මහතා ගේ ආරක්ෂාව කරන්නාගොඩ මහතා ගේ ආරක්ෂාවටත් අඩු කර ඇති ආණ්ඩුව, ෆොන්සේකා මහතාට සලකන සැලකිලි පිලිබඳව අපේ ද පැහැදීමක් නැත. ආණ්ඩුව මෙවැනි ක්‍රියා වලින් විහින් ලකුණු කපා ගන්නේ මන්දැයි පැහැදිලි නැත. කවුරුන් කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ෆොන්සේකා මහතාට ද යුද්ධයේ ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් හිමිවෙයි.
කෙසේ වෙතත් මේ ලිපියේ අරමුණ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ප්‍රශ්න කිරීම නොවේ. එය කිරීමට මේ මොහොතේ ඕනෑවටත් වඩා අය සිටිති. අපට වෙනත් ප්‍රශ්නයක් ඇත: ෆොන්සේකා මහතාට කොලඹ දිස්ත්‍රික්කයේ ඇතැයි කියන කාමර දෙකක කුඩා නිවස එතුමා ගේ අවංක කමට සාක්කියක් හැටියට එතුමාට කඩේ යන්නන් විසින් භාවිත කිරීමයි.
ෆොන්සේකා මහතා වසර හතලිහක් හමුදාවේ රාජකාරි කළ අතර, එයින් වැඩි කොටසක් සැලකිය යුතු නිල තල දැරුවේය. එවන් කෙනෙකු ට අවංක කම හා හොර කම් නොකිරීම නිසා ගෙයක් සාදා ගැනීමට බැරිවී යයි කියන අය කියන්නේ, එතුමා වැනිම නිල තල දැරූ අනෙක් නිලදරුවන් හොඳ ගෙවල් වල සිටිත් නම්, ඒවා වංචනික ලෙස සාදා ගත් ඒවා බවද? එසේත් නැත්නම් ඔවුන් හමුදාවේ කළ සේවය කැපවීමකින් නොකළ බවද?
සාමාන්‍ය ගුරුවරු, ලිපිකරුවන් වැනි අය පවා ෆොන්සේකා මහතාට ඇතැයි කියන පුද්ගලික නිවසට වඩා උසස් තත්ත්වයේ ගෙවල් වල සිටිනු දක්නා ලැබේ. මේ සියල්ලෝ ම හොරුන් හෝ වංචා කරුවන් නොවෙති. සෑහෙන තරම් මහන්සියක් දරන්නේ නම්, අපහසුවෙන් වුවද මිනිස්සු ගෙවල් සාදා ගනිති. ඉතින්, ෆොන්සේකා මහතා වැනි දක්ෂ සහ කාර්යශූර පුද්ගලයෙක් ට අවංක වීම නිසාම නිවසක් නොමැති යයි අදහනු අමාරුය. සෙවිය යුත්තේ, එතුමා ට ලංකාවේ පුද්ගලික නිවසක් නඩත්තු කිරීමට උවමනාවක් තිබීද යන වගත්, එතුමාට නිවෙස් නොවන වෙනත් දේපල ඇතිද සහ/හෝ වෙනත් රටවල නිවෙස් හෝ දේපල ඇතිද යන වගත් ය. එසේ ඇතිනම්,
- එක්කෝ එතුමාගේ යුද්ධ කාර්යශූරත්වය අනෙක් දේ සඳහා ද අදාළ යයි මේ කඩේ යන්නන්ම සිතා සිටින අදහස වැරදිය. අවුරුදු හතලිහක පඩියෙන් ගෙයක් වත් හදා ගන්න බැරි කෙනෙක් ද රටක් පාලනය කරන්න කාර්ය ශූර?
- නැත්නම්, ගෙය නැතිවීම එතුමාගේ අවංක කමේ ලකුනක් නොව ලංකාවේ ගෙයකට වඩා එතුමාට තිබුණු වෙනත් වැදගත් දේ වල ලකුණකි. (ෆොන්සේකා මහතාට එතුමාගේ පඩියෙන් කළ යුතු මොකක්දැයි කියා දීමට අපි සූදානම් නැත. එතුමාට එතුමා සාධාරනව උපයා ගත් පඩියෙන් ඇමරිකාවේ බැරිනම් ඕනෑම තුත්තුකුඩියක ගෙයක් බැරි නම් මාලිගා හදා ගත්තත් ඒවා විවේචනය කිරීමට තරම් අපි කුහකයින් වත් ඉරිසියා කාරයින් වත් නොවෙමු. එහෙත්, මේ තත්ත්වය ඊනියා අවංක කමකට ගැට ගැසීම ද එපමණම කුහක කමකි.)
LoL umba maha buruwek.LIyanna ona paliyata hama reddama liyanna epa.Padanamak thiyena deyak liyapan.Elaharaka.
lad,
කරුණකට කරුණු වලින් උත්තර දීමට බැරි වන විට ඔබ වැනි තකතීරුවන්ට ඇති වන අසහනය පෙන්වීමේ උදාහරණයක් හැටියට ඉහත විකාරය නොමකා තිබෙන්නට හරිමි.