ලොකුවට තියරි බෙදමින් අන්වීක්ෂ වලින් ආණ්ඩුවේ කුණු කන්දල් බලමින් සිටි ඊනියා තරු ලකුණු කාරයන්ට තරු පෙනී ඇති සෙයකි: හමුදා පාලකයන් ගැන ලෙසූ වැදි බණ අමතකව දැන් ලංකා ඊ නිවුස් පක්කලි ශෛලියෙන්ම ෆොන්සේකාට කඩේ යති. කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු.
මෙතුවක් කල් වීරවංසට දෙන්නම් යයි කට මැත දොඩවමින් සිටි විපක්ෂය දැන් හයිකෝප් ගැන විවාදයට ෆොන්සේකා සමග ෆේස් ටු ෆේස් එන්නැයි මහින්දට චැලේන්ජ් කරන බව තරු කාරයෝ පලිප්පු දමමින් “වාර්තා” කරති.
එහෙම එන්නේ මොකටද? තම ප්රතිවාදියාගේ දූෂන ගැන ඔක්කොම ෆයිල් ජනාධිපති අපේක්ෂකයෙක් පුද්ගලිකවම ඇවිස්සිය යුතු යයි නීතියක් තියෙන්නේ කොහේද? දයාසිරි කොහොම හරි ෂේප් වූ පසුත් දැන් දෙවැනි දිනකටත් හොයා ගන්නට ජවිපෙන් කවුරුවත් නැද්ද?
ඇත්තටම ඇන ගැනීමට යමක් සිදු වී ඇතැයි බයක් වත් ඇති දෝ යැයි සිතෙන්නේ මෙන්න මෙහෙම සුදු ලූනු පොඩි කිරීම් වලිනි:
ප.ලි: දැනට එළියට දමා ඇති ෆයිල් පිළිබඳ පුවත්පත් දැන්වීම්වලින් පෙනෙන ආකාරයට නම් ෆොන්සේකා කර ඇත්තේ සිය බෑණාට කොන්ත්රාත් ලබා දීමයි. නාමල් රාජපක්ෂ ‘තාත්තාට වැඩ කොරන්නැතුව මං වෙන කාට වැඩ කරන්නදැයි’ අසන්නා සේ පුතාලා නැති සරත් ෆොන්සේකා බෑණාට කොන්ත්රාත් දෙන්නැතුව වෙන කාට දෙන්නදැයි අසන්නට ඉඩ තිබේ. මේ ඉතින් බෑණලාට කොන්ත්රාත් අරන් දුන් පළමු මාමංඩි නොවෙයි නේ. ලංකාවේ ගහන ගැහිලිවල හැටියට මේවා මොනවාද? මේවායින් දූෂණයක් වී තිබේ නම් එම දූෂණයේ වටිනාකම දැන්වීම් දැමීමට යන වියදමටත් අඩු ය. විවාදයට එන විට හොඳ ෆයිල් ටිකක් ගෙන එන්න.
ෆොන්සේකා ගේ ගැහිලි ඇත්තම උනත්, සුළු දේවල් ලු!!!
තරු කාර කුහකයිනි, සතයක හෝ දූෂනයක් සිදු වී ඇති නම් එය වැදගත් වන්නේ ෆොන්සේකා දුන් කප්පරක් කැරට් අල පොරොන්දු හැරුණු කොට ෆොන්සේකාගේ චන්ද සටනේ එකම තුරුම්පුව රාජපක්ෂ දූෂනය සහ පවුල්වාදය බැවිනි. “මම වැඩ කරා, ඉස්සරහටත් කරනවා” කී එකෙකු දාහක් හොරකම් කිරීමත්, “මූ හොරා, හොරකම් නවත්තන්න මූ එලවල මට දීපල්ලා” කී එකා සීයක් හොරකම් කිරීමත් සමාන නැත.
අප කියන්නේ ෆොන්සේකා දූෂිත බව වත් විමල් චීරවංස දිනන බව වත් නොවේ. බොරු ෆේස් ටු ෆේස් චන්ඩි පාට් හෝ “එක පැත්තෙන් එකයි” නීති නැතිව පැමිණ විවාදය වෙන්නට හැර කාටත් කීමට ඇති දෑ අපට අසා ගන්නට ඉඩ සලසන ලෙසයි.
w3lanka blog is a joke. will probably bury his whole blog in shame after 27th
I seriously thought they were old school left-centrist, when i started to read them few months back. Now looking at them, they look like Lanka E News’ retard twin.